සුලු මොහොතකට පෙර හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අධිකරණයට

Report

මීට සුලු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට , දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් රැගෙන එනු ලැබුවේය.

ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන හලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රු.2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි.

කෙහෙළිය රඹුක්කැල්ලට මොකද වුණේ? රෝද පුටුවෙන් එන කෙහෙළිය - සුළු මොහොතකට පෙර FCIDයට

කෙහෙළිය රඹුක්කැල්ලට මොකද වුණේ? රෝද පුටුවෙන් එන කෙහෙළිය - සුළු මොහොතකට පෙර FCIDයට

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන හිටපු ඇමති අකිලගේ ඉන්ධන පිරවුම් හලේ සේවකයාද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර එම සැකකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවේ අද දින සිද්ධියට අදාල නඩුව කැඳවිමට නියමිත බැවින්ය.

මහ ඇමති තලපති විජේ ප්‍රසිද්ධියේ සමාව ගනී - පාර්ලිමේන්තුව තුලදීම සමාව අයැදීමට හේතුව මෙන්න

මහ ඇමති තලපති විජේ ප්‍රසිද්ධියේ සමාව ගනී - පාර්ලිමේන්තුව තුලදීම සමාව අයැදීමට හේතුව මෙන්න