සර්වජන බලය පක්ෂයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුර නීතිඥ මධුරට
සර්වජන බලය පක්ෂයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ පත්කර තිබේ.
සර්වජන බලය පක්ෂයේ නායක නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී මෙම පත්වීමට අදාළ ලිපිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා වෙත ලබාදී ඇත.