ඇමති රට ඉද්දි ලේකම් දුන්න සේවා දිගුව අහලා කුමාර ඇමතිට මල පනී - ආපු ගමන් අවලංගුයි

Report

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එච්.පි. නිරෝෂාන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබුණා.

එසේ වුවත් එය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස් ගතව සිටි කාලයේදී ඔහුට නොදන්වා අඳාළ සේවා දිගුව ලබා දී තිබෙන බව බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක් - සමන්ත

ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක් - සමන්ත

එබැවින් අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව අඳාළ සේවා දිගුව ලබා දී තිබීම හේතුවෙන් එය වහාම අවලංගු කරන ලෙසට අමාත්‍යවවරයා උපදෙස් දී තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වූ තොරතුරු මත මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පුරප්පාඩුව පවතියි.

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

ආයේ මෙහෙම බස්වලට නගින්න බෑ

අ.පො.ස.උසස් පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

අ.පො.ස.උසස් පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්