කොළඹ ජනතාවට සුබ ආරංචියක් කරන්න යන වැඩේ මෙන්න
By Mithu
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ගිවිසුමක් අත්සන් කර කොළඹ 7 හි පිහිටි ඔටර්ස් ක්ලබ් (Otters Club) රථ ගාලට අයත් භූමිය ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම අත්පත් කර තිබේ.
මෙය මෑත කාලීනව කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ වඩාත්ම සුවිශේෂී නේවාසික ඉඩම් අත්පත් කිරීමක් ලෙස සැලකේ. මෙම භූමිය තුළ ‘The Elizabeth’ නමින් මහල් 23කින් යුත් නව සුවිශේෂී නේවාසික කුළුණක් ඉදි කිරීමට නියමිත අතර, එය කොළඹ 7 ප්‍රදේශයේ නවකාලීන ජීවන රටාව අර්ථ දැක්වෙන සන්ධිස්ථානයක් බවට පත් විය හැකි බව පුරෝකතනය කරයි.
මෙම ව්‍යාපෘතිය "Grand Ward Place" හි වෙළඳපොළ සාර්ථකත්වයෙන් පසුව ආරම්භ වීමට නියමිත අතර,මෙය නව නිවාස සැපයුම සීමිත වූ, ඉහළ වටිනාකමකින් යුත් ප්‍රදේශයක පවතින නිරන්තර ඉල්ලුමට විසඳුමක් ලෙස සැලකෙයි.