හදිසියේම බොරතෙල් මිල ඉහළට - මෙන්න විස්තරේ
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව, අද (26) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 85 ක් ලෙස සටහන් වී ඇත.
අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 65 යි සත 63 ක් ලෙසය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොරතෙල් මිලද උච්චාවචනය විය හැකි බව වාර්තා වේ.