LTTE කොටි ත්‍රස්ත සංවිධානයට පනවා තිබූ තහනම තව දුරටත් දීර්ඝ කෙරේ...

By Parami Dissanayake May 14, 2024 03:07 PM GMT
Report

 ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එරට රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 05කින් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම, LTTE කොටි ත්‍රස්ත සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව ඔවුන්ගේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බව එහි වැඩි දුරටත් අතර, එම LTTE කොටි ත්‍රස්ත සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම සහ ‘ඊළාම්’ සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවත් එහි සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුවට තවමත් නිසි විසඳුම් නැහැ ...

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුවට තවමත් නිසි විසඳුම් නැහැ ...


2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE කොටි ත්‍රස්ත සංවිධානය පරාජය වුවද, ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LTTE කොටි ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ මෙන්ම විශේෂයෙන් තමිල්නාඩු හි ජනතාව අතර සිය බෙදුම්වාදී මතය අඛණ්ඩව ප්‍රචාරය කරන බව ද වාර්තා වෙනවා.

එමෙන් ම, මේ හේතුවෙන් අවසානයේ සමස්ත ඉන්දීයාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල කිරීමක් ද ඉන් සිදුවන බවත් නිරීක්ෂණය වී ඇති බවමාධ්‍ය වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කර ඇත.