LPL කණ්ඩායමක හිමිකාරිත්වය වෙනස් වෙයි..!

Cricket Sri Lanka
By Sewvandhi May 05, 2023 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකා ප්‍රිමියර් ලීග් මෙවර තරගාවලියට එක්වන කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී ඇත. ඒ අනුව එම කණ්ඩායමේ මෙවර හිමිකාරීත්වය දරණු ලබන්නේ SKKY සමූහ ව්‍යාපාරයයි. 

 මෙම සමූහ ව්‍යාපාරය  අමෙරිකාවේ නිව්යෝක් හි කේන්ද්‍ර කරගනිමින් විහිදී ඇති ව්‍යාපාර ජාලයකි.

SKKY සමූහ ව්‍යාපාරයේ හිමිකරු සාගර් ඛන්නා නම් ඉන්දීය ජාතිකයෙකි. Abudhabi T10 ලීග් වෙත පසුගිය වසරේ මුල්වරට එක්වූ New York Strikers කණ්ඩායමේ හිමිකරු වන්නේ ද සාගර් ඛන්නා මහතා ය.

මෙවර කොළඹ කණ්ඩායම LPL තරගාවලියට එක්වන්නේ Colombo Strikers යන නාමය සහිතවය. ඒ අනුව LPL තරග ඉතිහාසයේ කොළඹ කණ්ඩායමේ නම වෙනස් වූ තුන්වන අවස්ථාව මෙයයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now

  

ReeCha