දලදා වඳින්න ඊයේ සිට පෝලිම්.. කිලෝමීටර ගණන් පාරේ නිදියති..
දලදා දැක්ම අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව තිබියදී එය වැඳ පුදා ගැනීමට ඊයේ දින සිට පෝලිම් සෑදී තිබෙන ආකාරය මහනුවර නගරයේදී දැක ගැනීමට හැකිව තිබේ.
බැතිමතුන් සඳහා සූදානම් කර ඇති පෝලිම් තුන මේ වන විට කිලෝමීටරයකට වඩා වැඩි ප්‍රමාණයක පෝලිම් සෑදී තිබෙන බව සඳහන්.
මෙවර දලදා වන්දනාව සදහා අවම ලක්‍ෂ විස්සක ජනතාවක් පැමිණෙතැයි බලාපොරොත්තු වේ.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද දිනයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත දළදා වහන්සේ වඳපුදා ගැනීමට එක්වනු ඇත.
අද මධ්‍යාන 12.00 පමණ ජනාධිපතිවරයා මහනුවර පැමිණෙනු ඇති බව වාර්තා වනවා.