අර දේට වැඩියෙන් සිත යොමු වන ප්‍රබෝධවත් දිනයක්...ඒ අවස්ථාව ඔබටයි

Horoscope Astrology Latest Headlines Sinhala news
By Akash Apr 18, 2025 12:30 AM GMT
Akash

Akash

Report

මේෂ

ක්‍රියාකාරකම් බහුල දිනකි. පොදු සේවා, උත්සව වැනි ක්‍රියාවන්හි යොමුවන අතර මහජන ප්‍රසාදයට පත්වන දිනකි. ආගමික වතාවත් ද ගරු කරයි. තරමක් වැයපස ද ඉහළ යයි. සෙම්බහුල රෝග මතු කරයි.  ජය අංකය: 05 ශුභ වර්ණය: තද රෝස

වෘෂභ

දුරගමන් යෙදෙන අතර තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියාකරයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තරග තුරඟාදි ක්‍රියාවන්ගෙන් ජය ලබයි. අමතර ලාභ ද ලබන දිනකි. සන්ධි රෝග, ස්නායු රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: සුදු


මිථුන

උනන්දුවෙන් රාජකාරි ක්‍රියාවන්හි යෙදෙන අතර ප්‍රීති සාද, උත්සව වැනි දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක බැඳීම් ඇතිවෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. භූමි සම්පත් ලාභ දෙයි. මුත්‍රා රෝග, අශ්මරි රෝග මතු කරයි. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා නිල්

කටක

ක්‍රියාශීලි දිනකි. තම ව්‍යාපාර කෙරෙහි උනන්දුව වැඩි කරයි. පොදු සමිති සමාගම් ආදියෙහි මුල් වෙයි. තම ඥාතින්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කරයි. ගමන් බිමන් ද බහුල වෙයි. ශිරෝගත රෝග, උගුරේ අමාරු දෙයි. ජය අංකය: 04 ශුභ වර්ණය: කහ

සිංහ

දහමට ළැදිව ක්‍රියාකරයි. දානමානාදි කුසලකර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියා කරයි. නවක මිතුදම් ඇතිවෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

කන්‍යා

ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන්, ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියා කරයි. තරමක් වැයපස ඉහළ යයි. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. ඥාති මිත්‍රාදින් සමීපව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන ඇති කරවයි. ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

“සිරි දළදා වන්දනාව” ට ජනපතිත් එයි

“සිරි දළදා වන්දනාව” ට ජනපතිත් එයි

තුලා

ආගමානුකූල ක්‍රියාවනට මුල්තැන දෙයි. ගමන් බිමන් ද යෙදේ. ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියා කරයි. දුරස්ථ වූ ඥාතින් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ඍජු ගුණ මතු කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු වේ.  ජය අංකය: 03 ශුභ වර්ණය: සුදු

[VCLYC1L]


වෘශ්චික

දාන ශීලාදි ගුණධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියාකරයි. ආගමික උත්සවවලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැය කෙරේ. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ.ජය අංකය: 08 ශුභ වර්ණය: රතු

ධනු

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තම ඥාතින්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදුවෙයි. අලංකාර කටයුතු ද යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. සෙම් රෝග, ඉදිමුම් රෝග මතු කරයි. ජය අංකය: 09 ශුභ වර්ණය: අළු පැහැය

මකර

ක්‍රියාකාරකම් බහුලයි. අවිවේකියි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. සිත් සතුටින් දවස ගෙවයි. නමුත් වැයපස ද ඉහළ යයි. සුළුවෙන් හෝ අමතර ලාභ දේ. වාතාධික රෝග මතු කරයි.ජය අංකය: 08 ශුභ වර්ණය: දුඹුරු 

කුම්භ

තරමක් රාජකාරි බහුලතාවයක් පවතී. අමතර ක්‍රියාකාරකම් ද යෙදෙන අතර තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියාකරයි. තම නිවස ද උත්සව ශ්‍රියාවක ගති මතු කරයි. හදිසි ලාභ දේ. මුත්‍රා රෝග, උෂ්ණ රෝග මතු වෙයි. ජය අංකය: 07 ශුභ වර්ණය: රන්වන්

මීන

ප්‍රබෝධවත්ව රාජකාරි කටයුතුවල යෙදෙන අතර උත්සව සාද වැනි දේවල් ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියා යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග මතු කරයි.

ජය අංකය: 01 ශුභ වර්ණය: දම්

ReeCha