වෙළඳ පොළේ ලොකු ළුෑණු මිලට සිදුවූ දේ..ඇයි මෙහෙම වෙන්නෙ?

Sri Lanka Economic Crisis Ministry of Agriculture Vegetables Vegetables Price
By Aruna Oct 10, 2024 03:32 AM GMT
Aruna

Aruna

Report

දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ ව්‍යාපාරිකයින්ට බවට ගොවීන් චෝදනා කර සිටිනවා.

දේශීය ලොකු ළුෑණු ගොවියාගේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් ආනයනික ළුෑණු සඳහා රුපියල් 20ක බද්දක් පනවනු ලැබු අතර, ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක විකුණුම් මිල රුපියල් 180ත් 230ත් අතර පරාසයක විහිදී පවතී.

මේ වන විට ඇතැම් ප්‍රදේශ වල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 280 සිට 300 ඉක්මවා විකුණනු ලබයි.

ලංකාවේ වැඩිම ආදායමක් උපයන ඇගලුම් කර්මාන්තයට එකවරම සිදු වූ දේ..

ලංකාවේ වැඩිම ආදායමක් උපයන ඇගලුම් කර්මාන්තයට එකවරම සිදු වූ දේ..


කෙසේ වුවත් ලොකුළුෑණු ගොවීන් මැසිවිලි නගන්නේ එවන් සහනයක් ලබා දුන්නද සිය අස්වනුවලට නිසි මිලක් වෙළෙඳපොළේ තවමත් නොලැබෙන බවය.

මේ අතර වෙළඳපොළ තුළ නිසි මිලක් නොමැති වීම හේතුවෙන් බටානා වට්ටක්කා ගොවීන් ද අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.

එම ගොවීන් පවසන්නේ බටානා කිලෝවක් සඳහා වෙළඳපොලේ තොග මිල රුපියල් 60ත් 80ත් අතර පැවතීම හේතුවෙන් වගාව සඳහා වැයවන පිරියවැය පවා පියවා ගැනීමට අපහසු බවය.

මේ අතර පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් තඹුත්තේගම ප්‍රදේශයේ වෙළදසැලක් තුළ සිදුකල හදිසි වැටලීමකදී වම්බටු වගාව සදහා යොදන ව්‍යාජ කෘෂි යෙදවුම් පැකට් 960ක් සොයාගෙන ඇත.

ඒවායේ අලු කුඩු වලට සමාන ද්‍රව්‍යයක් තිබී හමු වූ බවයි වාර්තා වන්නේ.

අද මේ ලග්න වල දියුණුවේ රන් දොරටු විවර වන දිනයක්..ලග්න 06කට මල් 07යි..

අද මේ ලග්න වල දියුණුවේ රන් දොරටු විවර වන දිනයක්..ලග්න 06කට මල් 07යි..


එහිදී වෙළඳසැල් හිමිකරු ඊට අදාල නිසි බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ.

මේ අතර, පොලිසිය විසින් ජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන පිටකොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පළ අසල අලෙවිය සදහා තබා තිබු කල් ඉකුත්වු රටඉදි තොගයක් වටලා තිබෙන බව ද වාර්තා වේ.

මෙම වැටලීම කරන අවස්ථාවෙන් පාරිභෝගිකයින්, වෙළෙන්දන් සහ පොලිසිය අතර සංවාදයක් ද හටගෙන ඇත.