ලංකාවේ වැඩිම ආදායමක් උපයන ඇගලුම් කර්මාන්තයට එකවරම සිදු වූ දේ..

Sri Lanka Bangladesh Economy of Sri Lanka Businessman
By Aruna Oct 10, 2024 02:45 AM GMT
Aruna

Aruna

Report

මෙරට ඇගලු‍ම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

බංග්ලාදේශයේ ඇතිවූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙරටට ලැබෙන ඇගලු‍ම් ඇණවුම් ඉහළ යාමට හේතු වී ඇති බවට විශ්වාස කරන බවයි, ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

අද මේ ලග්න වල දියුණුවේ රන් දොරටු විවර වන දිනයක්..ලග්න 06කට මල් 07යි..

අද මේ ලග්න වල දියුණුවේ රන් දොරටු විවර වන දිනයක්..ලග්න 06කට මල් 07යි..


මෙම වසරේ මේ දක්වා අපනයනයන්ගෙන් 42% ඇඟලු‍ම් අපනයනයන් වන 1 ඇගලු‍ම් අපනයනයන් වු බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම වසරේ මුල් මාස 8 තුළදී ඇගලු‍ම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් උපයා ඇති අතර, පසුගිය වසරේ එම කාලය තුල උපයා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළේ, මෙලෙස ඇණවුම් ඉහල යාමත් සමග ඇගලු‍ම් අපනයන ආදායම තවදුරටත් ඉහල යාම කෙරෙහි යහපත් අන්දමින් බලපානු ඇති බවයි.