පුංචි ඡන්දෙ ඇප තැන්පත් කිරීම අදින් අවසන්

Election Commission of Sri Lanka Election Local government Election
By Shehan Mar 19, 2025 05:33 AM GMT
Shehan

Shehan

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ ක්‍රියාවලිය අද (19) මධ්‍යහ්න 12ට අවසන් වීමට නියමිතය.

 මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ඇප තැන්පත් කිරීමේ කටයුතු පසුගිය 03 වැනිදා ආරම්භ කළ බවත්, කිසිදු හේතුවක් නිසා මෙම අවසන් දිනය දීර්ඝ නොකරන බවත්ය.

ඇප තැන්පත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අවශ්‍ය පහසුකම් සලසා තිබුණි.

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි

දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම හෙට (20) මධ්‍යහ්න 12ට අවසන් වීමට නියමිතය.

නාමයෝජනා භාර ගැනීම ආරම්භ කෙරුණේ පසුගිය 17 වැනිදාය.

ඒ අනුව, හෙට මධ්‍යහ්න 12 සිට පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීම සඳහා වෙන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ඉන් පසුව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ReeCha