දේශබන්දු උසාවි යන අස්සේ අර්චුනාට ෂොට් එක වදී! ආණ්ඩුව පෙනය පුප්පයි-VIDEO
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පාර්ලිමේන්තුවේ වාරණයක් පැනවීමට කතානායකවරයා තීරණය කර ඇත.
අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන මැයි 8 වැනිදා දක්වා පැවැත්වෙන සියලු පාර්ලිමේන්තු සැසිවාරවලදී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමත්, සජීවී විකාශනය කිරීමත් තහනම් කර ඇති බවයි.
එම දිනවල ඔහුගේ ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ද ඉවත් කිරීමට තීරණය වී තිබේ.
අදාළ කාලපරිච්ඡේදය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම නිරීක්ෂණය කර, එම වාරණය ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීමේ හැකියාවක් ඇති බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.