ආයිත් සත්ව සංගණනයක් කරන්න රජය සූදානම් වෙන ලකුණු!

Government Of Sri Lanka Ministry of Agriculture Central Environment Authority Sinhala news
By Shehan Apr 11, 2025 09:01 AM GMT
Shehan

Shehan

Report

කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ වන විට ලැබී ඇති සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

දිස්ත්‍රික් මට්ටමින් ලබාගත් සංගණන තොරතුරු නිවැරදි නොවන බැවින්, නව සංගණන වාර්තාවක් සකස් කිරීමට සිදුවන බව එම නිලධාරියා සඳහන් කළේය.

අඩුපාඩු ඇති සංගණන වාර්තාව නිවැරදි කිරීම සඳහා රිලවුන්, වඳුරන්, දඬුලේනන්, මොනරවන් ආදී සතුන් පිළිබඳ නැවතත් නියැදි සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්?

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක්?

දිස්ත්‍රික් මට්ටමින් සාම්පල් ලබාගෙන තොරතුරු විශ්ලේෂණය කිරීමේ පරීක්ෂණයක් සිදු කරන බවද ඔහු කීය. පසුගියදා දිවයින පුරා පැවැති සංගණනයේ තොරතුරු සහ නව සමීක්ෂණයේ තොරතුරු සංසන්දනය කර නිවැරදි වාර්තාවක් සකස් කරන බවද, අවසන් වාර්තාව ලබාදීමට නිශ්චිත කාල වකවානුවක් තවමත් ප්‍රකාශ කර නැති බවද එම නිලධාරියා පැවසීය.

වන සතුන්ගෙන් වගා හානි වැළැක්වීමට පත්කළ කමිටුවේ කාර්යයක් ලෙස මෙම සංගණනය පැවැත්වූ බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම සංගණනය උපයෝගී කරගනිමින් සත්ත්ව පාලනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

වන සතුන්ගෙන් ජනතාවට ඇතිවන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීමට සතුන්ගේ ප්‍රමාණය දැනගැනීම අවශ්‍ය වන අතර, නිර්දේශ සහිත වාර්තාව සකස් කිරීමේදී සත්ත්ව සංගණනයේ සංඛ්‍යාලේඛන යොදාගන්නා බව ඔහු පැවසීය.

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විශ්‍රාමිකයන්ට පොල්ල තියපු ආණ්ඩුව... පරණ එකමයි...???

විවිධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීම, සමීක්ෂණ තොරතුරු රැස්කිරීම, විශ්වවිද්‍යාල අධ්‍යයන ගැන සොයා බැලීම, සත්ත්ව හිංසනයට එරෙහි පාර්ශ්වවල සහ ගොවීන්ගේ අදහස් ලබාගැනීම තුළින් නිවැරදි වාර්තාවක් සැකසීමට කාලය ගතවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සංගණනයේ අවසන් වාර්තාවක් ලබාදෙන බවට සමාජය තුළ වැරදි අවබෝධයක් ඇති වී ඇති බවත්, වන සතුන්ගේ ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

ඉල්ලුවේ 20,000ක්.. ගුරු වැටුප වැඩිවී ඇත්තේ 8000කින්.. - කලබල වුනු ස්ටාලින්

ReeCha