මත්පැන් මිල විශාල ලෙස ඉහළ යයි?..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න..නව ගැසට්ටුවක් නිකුත් කෙරේ.

Report

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සුරාබදු ප්‍රමාණයන් නියම කරමින් මුදල් ,ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයාට සුරා බදු ආඥා පනත අනුව පැවරී ඇති බලතල අනුව නියමකර ඇති මෙම බදු ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කරමින් හා මෙම බදු සම්බන්ධයෙන් මීට පෙර බලපැවැත්වූ 2023.12.31 හා 2364/35 අති විශේෂ ගැසට් පත්‍රයේ 04/2023 දරන සුරාබදු නිවේදනය අවලංගු කරමින් මෙම ගැසට් නිවේදනය ජනවාරි 10 වන දා නමින් නිකුත් කර ඇත .

සහල් සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්.!!

සහල් සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්.!!


ඒ අනුව නිෂ්පාදනාගාරවලින් නිකුත් කරන විශේෂ අරක්කු මධ්‍යසාර සෑම ලීටර් එකකටම රුපියල් 7244 ක් ,ඉක්ෂුපාත තල් ,පොල් සහ පදම්කළ අරක්කු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7752 ක් ,විදේශීය ස්ප්‍රීතු මධ්‍යසාර ලීටරයකට රුපියල් 7969 ක් ලෙස අයවිය යුතු සුරාබදු ප්‍රමාණ නියම කර තිබෙනවා.

සැර ප්‍රතිශතය සියයට 05 හෝ ඊට අඩු ධාන්‍ය මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක් හා එය සැර සියයට 05 ට වැඩි වන්නේ නම් රුපියල් 6015 ක් ලෙස සුරාබද්ද නියම කර ඇති අතර මෙම දෙවර්ගයම යම් විදේශ රටක් වෙනුවෙන් මෙරට සිටින යම් තානාපති දූත මන්ඩලයක ප්‍රයෝජනයට නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන විට එම මත්පැන් සඳහාවූ ගෙවීම් එම මණ්ඩලවල විදේශීය ගිනුම්වලින් කරන්නේ නම් එම මත්පැන් ඕනෑම ප්‍රමාණයක් වෙනුවෙන් මෙකී බදු අය නොකළ යුතු යැයිද නියම කර තිබීම විශේෂත්වයකි.

රා හෝ වෙනත් ධාන්‍යවලින් හැදූ මත්පැන් හැර තාල වර්ගයේ හෝ වෙනත් පැළෑටියකින් ස්වාභාවිකව ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මත්පැන් මධ්‍යසාර ලීටරයකට රුපියල් 5735 ක්,මධ්‍යසාර ප්‍රතිශතය සියයට 18 ට අඩු දේශීය ශාක ද්‍රව්‍ය හෝ ශාක නිෂ්පාදන හෝ සත්ව කිරි මගින් ආසවනය කිරීමෙන් බැහැරව නිපදවන මධ්‍යසාර ලීටරයකින් රුපියල් 1567 ක් වශයෙන් සුරාබදු ප්‍රමාණයන් නියම කර ඇත.

රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් රිය පදවන්න.

රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් රිය පදවන්න.


එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නිපදවන කිරි පොන්සා මධ්‍යසාර ලීටරයකට රුපියල් 3982 ක් ,සැර සියයට 04 ට නොවැඩි සයිඩර් මධ්‍යසාර ලීටරයකට රුපියල් 4347 ක් වශයෙන් මෙම බද්ද නියම කර තිබේ.

ඉහත සඳහන් සියලු මත්පැන් කවර ප්‍රමාණයක් වුවද අපනයනයේදී ඒ සඳහා නියමකර ඇති බදු ප්‍රමාණයන් අය නොකළ යුතු බවද නියම කර ඇත.

You May Like This Video