මැතිවරණ කොමසාරිස්ට හිටපු ජනපතිනියගෙන් ලිපියක්
තමාගේ නම සහ ඡායාරූප අනවසරෙයන් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගෙන ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා .
එම ලිපියේ සඳහන් ව ඇත්තේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පුටුව ලකුණින් මෙරව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන එක්සත් පෙරමුණේ යම් අපේක්ෂකයින් ප්‍රදේශය පුරා තමාගේ ඡයාරූප සහ හිටපු අමාත්‍යවරුන් වන ලසන්ත අලගියන්න, සරණ ගුණවර්ධන යන අයගේ ඡායාරූප සහිත ව අත්පත්‍රිකාවක් ගෙයින් ගෙට බෙදමින් සිට ඇති බවත් සහ පෝස්ටර් අලවා ඇති බවයි .
එවැනි අත්පත්‍රිකාවක් බෙදා හැරීමට හෝ පෝස්ටර් මුද්‍රණයට තමාගේ ඡායාරූපයක් භාවිත කිරීමට තමන් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් හිටපු ජනාධිපතිනිය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යවා තිබෙනවා.
තමන්ගේ ඡායාරූපය කිසිදු ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රචාරණ කටයුත්තකට භාවිත නොකරන ලෙසට තමන් පුටුව ලකුණින් අත්තනගල්ල සහ අනෙකුත් ප්‍රදේශවල තරග කරන අපේක්ෂකයින්ට දැනුම් දී ඇති බවත් එසේ තිබියදී අනවසරයෙන් තමාගේ ඡායාරූප භාවිත කරමින් අදාළ අපේක්ෂකයින් කටයුතු කරන බවට ඇය විසින් චෝදනා කර ඇත.
තමාගේ ඡයාරූපය භාවිත කරමින් තමන් ඔවුන්ට සහාය දෙන බවට ප්‍රකාශ කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන හෙයින් එම කටයුත්ත වහාම නවත්වන ලෙසට කඩිනමින් පක්ෂයේ අදාළ ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් ඉල්ලමින් හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා තිබෙනවා.
