චීන පෝර ගනුදෙනුව සම්බන්ධ‍ෙන් හිටපු ලොක්කෙක් රිමාන්ඩ්

Government Of Sri Lanka Bribery Commission Sri Lanka Government of China Sinhala news
By Shehan Apr 28, 2025 12:06 PM GMT
Shehan

Shehan

Report

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2021 වසරේ චීනයේ Qingdao Seawin Biotech සමාගමෙන් ගෙන්වූ පොහොර තොගයක් සම්බන්ධයෙන් ඔහු ලබා දුන් උපදෙස් හේතුවෙන් අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

එයට හේතුව වූයේ, එම සමාගමෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීමෙන්, එම පොහොර තොගයෙන් 75%ක මුදලක්, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවයි.

මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලා, මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු 2025 මැයි 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා අනිවාර්ය මරණ පරීක්ෂණ නියෝගයක්

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා අනිවාර්ය මරණ පරීක්ෂණ නියෝගයක්

ReeCha