ඔබත් පරිප්පු පෙරේතයෙක්ද..? ජීවිතයත් අවදානමේ වැටෙන පරිප්පු ගැන ඇසෙන පුවත..
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින්, මිනිස් පාරිභෝජනයට නුසුදුසු, පුස්කෑ පරිප්පු ටොන් 01කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ පිටකොටුවේ ගබඩාවක් අද (13) පරීක්ෂා කිරීමේදීයි.
එම පරිප්පු නැවත සකස් කොට වෙළඳපොලට යොමුකිරීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කරමින් සිටි බවයි පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ.
මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු කොටස මේ මාසයේ දී මෙරටට ලැබීමට නියමිත බවයි.
මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදු වේ. ඒ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ය.
වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබිණ. එමෙන්ම, දේශීය බිත්තර වෙළෙදුන් අසීමිත ලෙස බිත්තර වලින් ලාභ ලබන බවත් ඒ මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මීට පෙර බිත්තර ආනයනය නතර කිරීමෙන් පසු බිත්තර වෙළෙදුන් වැඩි මිලට බිත්තර අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කෑ බවත් ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බවත් ය.