චීනෙන් ආපු යන්ත්‍රයක් දීලා බැංකු සල්ලි මංකොල්ල කාලා.. ශිරන්ති රාජපක්ෂට එරෙහිව නීති මඟට

Report

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍යව තිබූ CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන, එම මුදල වෙනුවට චීන රජයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු CT ස්කෑන් යන්ත්‍රයක් රෝහලට පරිත්‍යාග කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ‘සිරිලිය පදනමේ’ සාමාජිකයන් සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශ්ව ඉලක්ක කරගනිමින් මෙම විමර්ශනය සිදුකෙරෙන බව වාර්තා වේ.

නීතිපතිවරයා වෙනුවෙන් සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ උපදෙස් මත, CID මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

නාමල් මහින්ද රාජපක්ෂගේ පුතා වුණාට නාමල්ට කවදාවත් මහින්ද රාජපක්ෂ වෙන්න බෑ - මහින්දගේ දේශපාලන පෞරුෂය වෙන කාටවත් එන්නෙත් නෑ

නාමල් මහින්ද රාජපක්ෂගේ පුතා වුණාට නාමල්ට කවදාවත් මහින්ද රාජපක්ෂ වෙන්න බෑ - මහින්දගේ දේශපාලන පෞරුෂය වෙන කාටවත් එන්නෙත් නෑ

රුපියල් කෝටියක මුදලක් මුදාහැරීම

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින්, ‘සිරිලිය පදනමේ’ සභාපතිනිය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන් වේ.

එම ලිපිය පදනම් කරගෙන බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ලබාදුන් වාචික උපදෙස් මත රුපියල් කෝටියක මුදලක් ‘සිරිලිය පදනම’ වෙත මුදාහැර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, එම මුදල භාවිත කර CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගත් බව පෙන්වමින්, චීන රජය විසින් ණය පදනම මත ශ්‍රී ලංකාවට ලබාදී තිබූ CT ස්කෑන් යන්ත්‍රයක් රෝහලට පරිත්‍යාග කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටියක මුදල අයථා ලෙස භාවිත කර ඇති බවට සැකයක් මතුව තිබේ.

ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනම් - දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනම් - දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු බැංකු සභාපති ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාගේ උපදෙස් මත, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇතුළු කිහිප දෙනෙකුගෙන් CID නිලධාරීන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඉදිරියේදී ‘සිරිලිය පදනමේ’ සභාපති ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු බවට සැලකෙන අනෙකුත් නිලධාරීන් මූල්‍ය විමර්ශන ඒකකය හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී.  

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්