දැන්ම ඔබේ බේකරි නිශ්පාදන වල මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..නැත්තන් වෙන දේ භයානකයි ..
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පැවසීය .
එහි සභාපති ටී.අයි. උඩුවර මහතා සඳහන් කළේ අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බයි.
කොළඹ දිස්ත්‍රික් සහකාර මිනුම් ඒකක ප්‍රමිති සේවා අධිකාරී දිල්රුක් පට්ටියපොල මහතා පැවසුවේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලසීමාව තුළ නීත්‍යානුකූල කිරුම් මිනුම් උපකරණ සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී 210 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.