විදුලි මිල ඉහළට? ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අගවයි

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සුදුසුකම් සහිත අධිකාරීවරුන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුවත් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවන් අනුයුක්ත කරගැනීමේ සූදානමට ඔවුන් විරෝධය පල කරන බවයි.

ආයතනය තුළම අවශ්‍ය සුදුසුකම් සපුරාලූ පිරිස් සිටියදී, බාහිර පෞද්ගලික සමාගමක් හරහා මෙම පත්වීම් ලබාදීමට කටයුතු කිරීම අසාධාරණ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සුදුසුකම් සහිත අධිකාරීවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

ආපදාවට ලක්වූවන්ට ලක්ෂ 20 බැගින් නිවාස අත්තිකාරම් රජයෙන්

ආපදාවට ලක්වූවන්ට ලක්ෂ 20 බැගින් නිවාස අත්තිකාරම් රජයෙන්

වැඩිදුරටත් ඔවුන් පවසා සිටියේ 'ශ්‍රී ලංකා එනජිස්' නැමැති පෞද්ගලික ආයතනය මැදිහත් කරගනිමින් සිදුකෙරෙන මෙම බඳවා ගැනීම් නිසා මණ්ඩලයට අමතර මූල්‍ය බරක් ඇති කරන බවයි.

තවද මෙම බදවාගැනීම් සදහා තෝරාගැනීම් පෞද්ගලික සබඳතා මත හෝ කිසියම් වාසි සහගත පදනමක් මත සිදුවනවාද යන්න ඔවුන්ට සැක බවත් ඔවුන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන නාස්තිකාර මුදල අවසානයේදී විදුලි ගාස්තු ඉහළ දැමීම හරහා පොදු මහජනතාවගෙන්ම අය කරගැනීමට ඉඩ ඇති බවත් එසේ සිදු කලහොත් ජනතාව දැඩි ලෙස අසරණභාවයට ලක්වන බවත්ය.

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර