ආපදාවට ලක්වූවන්ට ලක්ෂ 20 බැගින් නිවාස අත්තිකාරම් රජයෙන්
By Ashfa
දිට්වා සුළි කුණාටුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එම මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවෙන් හානි වූ නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර ප්රදානය කිරීම අද සිදුවිය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 100 දෙනෙකුට නව නිවාස ඉදිකර ගැනීම සඳහා අත්තිකාරම් මුදල් ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් ප්රදානය කිරීම සිදුවිය.
මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමීර ජයරත්න සහ මාතලේ දිසා ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණු අතර මෙහිදී කුලී නිවාස සඳහා මුදල් ප්රදානය ද සිදු විය.