හවුස් ෆුල් ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය උදේට බිත්තර 18ක්, චිකන් බ්‍රෙස්ට් ගිලිනවා එයාව මේන්ටේන් කරන්න සෑහෙන අමාරුයි
කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඇතුළේ එක එක කතා ඇහෙනවනේ.
මේකත් අන්න එහෙම කතාවක්.
කතාව ඇහෙන්නෙ නම් පත්තරේකට දුන්න අදහස් දැක්වීමකුත් එක්ක.
චිත්‍රපට 75ක් කරපු සුනිල් ටී ප්‍රනාන්දු ඔහුගේ බලාපොරොත්තු සුන් වූ බව පුවත්පතකට කියලා තිබුණා.
ඒත් එක්කම house full ෆිල්ම් එක ගැනත් ඔහු සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වලා තියෙනවා.
අන්න එතකොට තමයි මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඔහු කරා කියලා ආරංචිය එන්නේ.
ඒ ප්‍රකාශය පහතින්,
” house full ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය බිත්තර දහ අටක් උදේට කනවා. චිකන් බ්‍රෙස්ට් එක කනවා. ඕට්ස් කනවා මේවා කන්නෙ උදේට විතරයි. දවල් රෑ තව තියෙනවා. නමුත් මේ නිළිය ලොකේෂන් එකට එන්නේ දවල් 11ට , මේ නිදිය වෙනුවෙන් අපි කාමර තුනක් වෙන්කරලා තිබුණා. Makeup එක කරන්න එක්කෙනයි , Dancing වලට එක්කෙනයි, එක රූම් එකක් 37500යි. එච්චර කැපකිරීමක් කරලත් ෆිල්ම් එක බලනකොට අපිට ඒ නිළියගේ සපෝට් එක නෑ මට හරි කලකිරීමක් ඇතිවුණා. “
ඔන්න ඔය කතාව ඔහු කිව්වා කියන ආරංචියත් එක්ක මේ වෙන කොට සමාජ මාධ්‍ය ඇතුළේ ලොකු පෙරළියක් සිදු වෙන බව තමයි දකින්න ලැබෙන්නේ.
ඒකෙන් මේකෙන් ෆිල්ම් එකත් ජනප්‍රිය වෙයි කියලා තමයි තවත් අය කියන්නේ.
