හොඳටම ප්‍රසිද්ධ සුපිරිසැල් 23කට වුණු දේ මෙන්න

Report

අවුරුදු උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ ( 01) දින දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල් 23 ක් වැටලීම් සිදුකර තිබෙනවා.

හිතාගන්නවත් බැරි අඩු මිලකට දෙන පෝෂ්‍යදායි ආහාර වේලක් හැමෝටම

හිතාගන්නවත් බැරි අඩු මිලකට දෙන පෝෂ්‍යදායි ආහාර වේලක් හැමෝටම

එම සුපිරි වෙළෙඳසැල් අතරින් වෙළෙඳසැල් 16 ක කල්ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් අනෙකුත් වෙළෙඳසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමඟ යැවීම සහ භාණ්ඩ වල සඳහන් කළයුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය වසර තුල සිදුකරන ලද විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළෙඳසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම හේතුවෙන් එම ආයතනවලට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අධිකරණ මගින් නියමකර තිබෙනවා.

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

මෝදිගේ සංචාරය නිසා කොළඹට කරන්න හදන අලුත් වැඩේ (VIDEO)

එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළෙඳපොළේ සිදුකරන වැටලීම්වලදී සුපිරි වෙළෙඳසැල් වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම් වලදී අනාවරණය වූ සුපිරි වෙළෙඳසැල් අතරින් 16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් ජාල වශයෙන් පවත්වාගන යන ආයතන බව සඳහන් වනවා.

ඒ අනුව සුපිරි වෙළෙඳසැල් ද ඇතුළුව වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

බුකිය පිස්සු වට්ටපු යුරේනි...අලුත්ම ටික මෙන්න (PHOTOS)

බුකිය පිස්සු වට්ටපු යුරේනි...අලුත්ම ටික මෙන්න (PHOTOS)

අප්‍රේල් 7 වෙනිදා එළියට බැස්සොත් ඔයාගේ හෙවනැල්ල අතුරුදහන් වෙන්න පුළුවන් - මොකද්ද මේ කතාව?

අප්‍රේල් 7 වෙනිදා එළියට බැස්සොත් ඔයාගේ හෙවනැල්ල අතුරුදහන් වෙන්න පුළුවන් - මොකද්ද මේ කතාව?