''විල්පත්තු මායිමේ කුඹුක් ගස් ගිනි ගැනීම සිද්ධියට නීති දැඩි වෙයි'' - කඩිනම් විමර්ශනයක් ඇරඹෙයි

Report

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මායිම් කලාපයට අයත් වනාතවිල්ලුව, පරණ එළුවක්කුලම නෙළුම් වැව ආශ්‍රිතව කුඹුක් ගස් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාගැනීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශනය සිදුකරන ලෙස පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.

අතිශය සංවේදී පරිසර පද්ධතියක් තුළ ජල මූලාශ්‍ර ආරක්ෂා කරන ස්වභාවික වෘක්ෂලතා විනාශ වීමෙන් එම පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම ගිනි ගැනීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදුකළ ක්‍රියාවක් හෝ පරිසර විනාශයක් බව විමර්ශනවලදී තහවුරු වුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පවතින නීති යටතේ උපරිම නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

වනජීවි හා වන සංරක්ෂණ ආඥාපනත් මෙන්ම ජාතික පාරිසරික පනත යටතේ මෙරට සංවේදී පරිසර කලාප සහ ජල පෝෂක ප්‍රදේශවලට හානි කරන ක්‍රියා සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අද (18) එම ස්ථානයේ ඒකාබද්ධ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ප්‍රාදේශීය පරිපාලන සහ ආරක්ෂක අංශ එක්ව මෙම පරීක්ෂණය සිදුකරනු ඇත.

දුම්රිය වැඩවර්ජනය මැද කාර්යාල සේවයට මුල් තැන -දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දුම්රිය වැඩවර්ජනය මැද කාර්යාල සේවයට මුල් තැන -දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

''විදුහල්පතිවරයෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර'' - දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

''විදුහල්පතිවරයෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර'' - දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට