ලාෆ්ස් ගෑස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ අවදානමක් - වාර්ෂික වාර්තාව තවමත් ඉදිරිපත් කර නැහැ

Report

වාර්ෂික වාර්තාව නියමිත කාලය තුළ ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ලාෆ්ස් ගෑස් පීඑල්සී (Laugfs Gas PLC) සමාගමේ සුරැකුම්පත් ගනුදෙනු දෙසැම්බර් 8 වැනිදා සිට අත්හිටුවීමට පියවර ගන්නා බව කොළඹ කොටස් හුවමාරුව (CSE) නිවේදනය කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර ඇත්තේ එම පියවර එහි ලැයිස්තුගත කිරීමේ නීතිවල 7.5.3 (A) වගන්තිය යටතේ ක්‍රියාත්මක කරන බවයි.

2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම අපොහොසත් වී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, දෙසැම්බර් 7 වැනිදා හෝ ඊට පෙර අදාළ අනුකූලතා ගැටලුව නිවැරදි කිරීමට සමාගම කටයුතු කළහොත්, දෙසැම්බර් 8 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ගනුදෙනු අත්හිටුවීම වළක්වාගත හැකි බව කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් - දෙසැම්බර් 3 මෙට්‍රෝ බස් නොමිලේ

පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් - දෙසැම්බර් 3 මෙට්‍රෝ බස් නොමිලේ