චාමර සම්පත් සහ පෞද්ගලික ලේකම් යළිත් රිමාන්ඩ්

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි මහතා ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත. එහිදී නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

ඒ අනුව, මන්ත්‍රීවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලබන දෙසැම්බර් 11 වැනිදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

සුළු මොහොතකට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් කොමිසමට

සුළු මොහොතකට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් කොමිසමට