පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් - දෙසැම්බර් 3 මෙට්‍රෝ බස් නොමිලේ
ආබාධිත පුද්ගලයන්ගේ අන්තර්ජාතික දිනය යෙදී ඇති දෙසැම්බර් 3 වැනිදා මෙරට ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.
ආබාධිත පුද්ගලයන්ගේ අන්තර්ජාතික දිනය නිමිත්තෙන් එදින ආබාධිත පුද්ගලයන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසන ලෙස තමන් මෙට්‍රෝ ආයතනයෙන් ඉල්ලීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බව එම ආයතනයේ සභාපතිවරයා ලිපියක් මඟින් තමන් වෙත දැනුම් දී ඇතැයිද ඔහු පැවසීය.
ඒ අනුව, දෙසැම්බර් 3 වැනිදා ආබාධිත පුද්ගලයන්ට මෙට්‍රෝ බස් රථවල නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
බූස්ස කළඹපු මළසිරුර හිටපු මේජර්වරයෙකුගේ.. කොමන්ඩෝ සලින්තගේත් හිතවතෙක් - අභිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට