සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක් [VIDEO]
මෙවර අයවැය යෝජනා හරහා තොරතුරු තාක්ෂණ, සංචාරක සහ ධීවර ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රම පහක් හඳුන්වා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ ණය යෝජනා ක්‍රමවල ණය ලබාදීමේ ක්‍රමවේද, කොන්දේසි සහ පොලී අනුපාත වාර්ෂිකව තීරණය කරන බවයි.
ඒ අනුව ඉදිරි වසර සඳහා නව යෝජනා ඉදිරිපත් කිරීමට ලබන වසරේ මැයි මාසයේදී 2028 අයවැය සකස් කිරීමේ අවස්ථාවේදී හැකියාව පවතින බවද ඔහු පැවසීය.
මෙම ණය යෝජනා ක්‍රම පිළිබඳව මීට පෙර ජනතාව අතර ප්‍රමාණවත් දැනුවත්භාවයක් නොතිබූ නමුත් මේ වන විට රටේ විවිධ ක්ෂේත්රවල ජනතාව ඒ පිළිබඳව දැනුවත් වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි - දකුණු අන්දමන් සහ ගිනිකොනදිග බෙංගාල බොක්කේ කැළඹිලි ගැනත් අනතුරු ඇඟවීමක්
ඔහු පෙන්වා දුන්නේ මෙම වසරේදී පමණක් ණය ලබාගැනීම සඳහා අයදුම්පත් 13,000ක් පමණ ලැබී ඇති බවත්, ඒ අතරින් පවතින ප්‍රතිපාදන අනුව අයදුම්කරුවන් 3,000කට ආසන්න පිරිසකට ණය ලබාදීමට හැකි වී ඇති බවත්ය.
ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කර ඇති බව සඳහන් කළ ඔහු, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන් මෙන්ම LED, SED, IDB සහ විදාතා ආයතනවල නිලධාරීන්ටද මේ පිළිබඳ අවබෝධයක් පවතින බව පැවසීය.
අදාළ ආයතනවලින් අයදුම්පත් ලබාගෙන ඒවා සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහිතව සුදුසු බැංකුවකට ඉදිරිපත් කිරීමෙන් ණය සඳහා අයදුම් කළ හැකි බවද ඔහු පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, ණය ලබාගැනීමේදී ව්‍යාපාරය ඒ සඳහා සූදානම් කර තිබීම වැදගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ සඳහා ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම, අවශ්‍ය අවස්ථාවල පාරිසරික සහතික ලබාගැනීම, ඇපකර සකස් කිරීම සහ නිසි ව්‍යාපාර ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීම වැනි මූලික අවශ්‍යතා සපුරාලිය යුතු බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම ණය ලබාගැනීමට අපේක්ෂා කරන ව්‍යවසායකයින් කල්තියා බැංකු සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමත්, බැංකු ගිණුම් පවත්වාගෙන යාමත් වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.
ණය ලබාදීමට පෙර බැංකු විසින් මෙවැනි කරුණු පිළිබඳවද සලකා බලන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ණය යෝජනා ක්‍රම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, රුපියල් මිලියන 20ක ව්‍යාපාරයකට මෙන්ම වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියනයක් දක්වා වන මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකටද ඒ යටතේ ණය ලබාගැනීමේ හැකියාව පවතින බව පැවසීය.
තවද, ලබාදී ඇති සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 70කට වැඩි ප්‍රමාණයක් කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර වෙත යොමු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම වසර සඳහා වෙන් කළ සමස්ත ණය අරමුදල් අගෝස්තු මාසය වන විට අවසන් වී තිබූ බවද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.