සුරේෂ් සලේ ගොනු කළ පෙත්සමේ නියෝගය කල් යයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත .

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් මෑතකදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීම සිදුකළ අතර අධිකරණය එහි නියෝගය අද (27) දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

නමුත් මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නිවේදනය කළේ   එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වනදා සිදුකරන බවයි .

ඒ අනුව අභියාචනාධිකරණය නියම කළේ අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින තෙක් කල් තැබීමටයි.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න