නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

Report

ප්‍රංශයේ ප්‍රකට වෝහාරික ගිණුම්කරණ විශේෂඥවරියක වන යුසර් කලීල් (Yousser Khalil), නාමල් රාජපක්ෂට එරෙහිව විභාග වන බව කියන එයාර්බස් අල්ලස් නඩුවට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කරුවෙකු මෙන්ම එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන යුසර් කලීල්, එයාර්බස් සමාගමේ ජාත්‍යන්තර අල්ලස් විමර්ශනවල ප්‍රධාන භූමිකාවක් ඉටු කළ විශේෂඥවරියකි.

ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව වසර හතරකට වැඩි කාලයක් පුරා සිදුකළ විමර්ශනවලදී එයාර්බස් සමාගමේ ගෝලීය අල්ලස් ජාලය සම්බන්ධ මූල්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඇය දායක වී ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම නඩුවට අදාළව අධිචෝදනා පත්‍රයේ සඳහන් තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසි (Karl Hennessee) ද ඇය සමඟ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම් | Airbus Bribery Case Yuser Khalil Ready To Testify

ඩොලර් බිලියන 2.3ක ගුවන් යානා ගනුදෙනුව

එයාර්බස් සමාගම සම්බන්ධයෙන් ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ බලධාරීන් සිදුකළ ජාත්‍යන්තර විමර්ශනයේදී ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුවූ බව කියන අල්ලස් සහ නීති විරෝධී මුදල් ගෙවීම් සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

එම විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවක් සම්බන්ධයෙනි.

මෙම ගනුදෙනුව යටතේ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් සහ A350-900 වර්ගයේ ගුවන් යානා හතරක් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බව වාර්තා වේ.

ඒ අනුව A330-300 වර්ගයේ ගුවන් යානා පහක් ශ්‍රීලංකන් ගුවන් සේවයට ලැබී තිබූ අතර, A350-900 වර්ගයේ ගුවන් යානා හතර මිලදී ගැනීම සිදුකර නොතිබිණි.    

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

එයාර්බස් අල්ලස් නඩුව උඩු යටිකුරු වෙයි.. නිමල් පෙරේරාට වැඩ වරදින ලකුණු.. ඕස්ට්‍රේලියාවේත් නඩුවක්?

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් එයාර්බස් සමාගමට එරෙහිව නඩුවක්

මේ අතර, අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අනාවරණය වූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා පදනම් කරගනිමින් 2021 වසරේදී ශ්‍රීලංකන් ගුවන් සේවය එයාර්බස් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

එහිදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර, ඉතිරිව තිබූ A350 ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම් අවලංගු කරන ලෙසද ඉල්ලා තිබිණි.

එමෙන්ම, අදාළ ගිවිසුම් වෙනුවෙන් කලින් ගෙවා තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදල ආපසු ලබාදෙන ලෙසද ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලීමක් කර තිබූ බව සඳහන් වේ.

මෙම නඩුවට අදාළව ජාත්‍යන්තර විමර්ශනවලට සම්බන්ධ වූ විශේෂඥවරියකගේ සාක්ෂි ලබාගැනීමට නියමිත වීමත් සමඟ එයාර්බස් ගනුදෙනුවේ ශ්‍රී ලංකාවට අදාළ කරුණු පිළිබඳව යළි අවධානය යොමුව තිබේ.  

ලාෆ්ස් ගෑස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ අවදානමක් - වාර්ෂික වාර්තාව තවමත් ඉදිරිපත් කර නැහැ

ලාෆ්ස් ගෑස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ අවදානමක් - වාර්ෂික වාර්තාව තවමත් ඉදිරිපත් කර නැහැ

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි