බූස්ස කළඹපු මළසිරුර හිටපු මේජර්වරයෙකුගේ.. කොමන්ඩෝ සලින්තගේත් හිතවතෙක් - අභිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට

Report

රත්ගම පොලිස් වසමේ බූස්ස මලිදූවේ ක්‍රීඩාංගනයක තිබි ඊයේ (26) දින හමුවූ මළ සිරුර යුද හමුදා කමාන්ඩෝ බලකායේ හිටපු මේජර්වරයකුගේ බව රත්ගම පොලිසිය පවසන බව සඳහන්.

ඒ අනුව රත්ගම පොලිස් වසමේ බූස්ස මලිදූව ප්‍රදේශයේ චීන ක්‍රීඩාංගනයේ තිබී අභිරහස් ආකරයට මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් ඊයේ දින උදෑසන රත්ගම පොලිසියට ලද තොරතුරක් මත සොයා ගෙන තිබුණා.

එහිදී හෙළි වූයේ ඔහුගේ හිසේ තුවාලයක් තිබී ඇති අතර එය වෙඩි තැබීමකින් සිදුවූවක් බවටයි. පොලීසිය සඳහන් කරන්නේ මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් මත සිදුවූ ඝාතනයක් බවට සැක කරන බවයි.

එසේම අසල්වාසීන් ප්‍රකාශ කර සිටියේ අලුයම තුනට පමණ රතිඤ්ඤා ශබ්දයක් ඇසුණු බවයි. එසේම පොලීසිය සැක පළ කරන්නේ යම්කිසි පිරිසක් විසින් ඔහු මෙම ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් වෙඩි තබා ඇති බවටයි.

මියගිය පුද්ගලයා පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ විසින් සිදු කළ අතර මියගිය පුද්ගලයාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් රැගෙන යන ලෙස පොලිසියට දැනුම් දී ඇත.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

එමෙන්ම මියගිය පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ සේවය කළ 41 හැවිරිදි මේජර්වරයකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

එමෙන්ම මියගිය මේජර්වරයා ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොමන්ඩෝ සලින්තගේ හිතවතෙක් බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රත්ගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොරගහතැන්න ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණ පවත්වයි.

කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - කැරට් 24 රන් පවුමක්ම ලක්ෂ තුනහමාරට අඩුවෙයි - රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල

කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - කැරට් 24 රන් පවුමක්ම ලක්ෂ තුනහමාරට අඩුවෙයි - රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්