නොවැම්බර් 30 දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට GMOA සහාය - අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණය මෙන්න
By Kanchana
එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (27) පැවැති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගෙන ඇත.
නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්වන්නේද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම මෙම විශේෂ රැස්වීම කැඳවීමේ ප්‍රධාන අරමුණ වී තිබිණි.
ඒ අනුව, මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවෙන් අනතුරුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට සංගමය තීරණය කර තිබේ.
මෙම තීරණයත් සමඟ නොවැම්බර් 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහායද හිමිවනු ඇත.