ප්‍රබල අකුණු සහ තද වැසි ගැන ඇම්බර් අනතුරු ඇඟවීමක්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපාන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් (Amber) මට්ටමේ කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, බලපෑමට ලක්වන ප්‍රදේශවල ස්ථාන කිහිපයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතී. එමෙන්ම, ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මේ අතර, මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි අතර, එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද සඳහන් වේ.

ඒ අනුව, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු හා දේපළ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

GalleryGallery