අද වැස්ස ගැන කියන කතාව - නවතම නිවේදනය
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ ඒ බව දැක්වේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වාර්තා වේ.