පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි
පසුගිය දෙවසර පුරා ඇති කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකිව ලක්ෂ පහකට ආසන්න රියැදුරු බලපත්‍ර, එළඹෙන මාර්තු මාසය නිමවීමට පෙර අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, දැනටමත් ලක්ෂ අටක හිස් කාඩ්පත් ප්‍රමාණයක් සපයාගෙන ඇති බැවින් මුද්‍රණ කටයුතු වේගවත් කර ඇති බවයි.
මේ වන විට ලක්ෂ තුනකට ආසන්න බලපත්‍ර දැනටමත් මුද්‍රණය කර අවසන් වී ඇති බවද ඔහු අවධාරණය කළේය.
මුද්‍රණය කෙරෙන බලපත්‍ර, ප්‍රමාදයකින් තොරව නිවෙස් වෙත යැවීමට, වේරහැර කාර්යාල පරිශ්‍රයේම තැපැල් දෙපාර්තමේන්තු ශාඛාවක් ස්ථාපිත කර ඇති අතර, කුරියර් සේවාවන් මඟින් බලපත්‍රලාභීන්ට ලබා දෙනු ලැබේ.
පවතින දැවැන්ත වැඩකොටස නිම කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 25 දෙනෙකුගේ සහාය ලබාගෙන දිවා රාත්‍රී මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ, සියලු කටයුතු සැලසුම් සහගතව සිදු වීම නිසා නියමිත කාලසීමාව තුළ ජනතාවට තම රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකි වන බවයි.