පුද්ගලයින් 11 දෙනෙකු සමඟ ගුවන් යානයක් අතුරුදහන්
ඉන්දුනීසියාවේ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක්, එහි සිටි පුද්ගලයින් 11 දෙනා සමඟ මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී අතුරුදන්වී ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු හා ධීවර අමාත්‍යාංශයට අයත් ගුවන් යානයක් බව වැඩිදුර තොරතුරු සඳහන් වේ.
වාර්තා අනුව, සොයා බැලීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මක කර ඇති අතර, යානයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බව පවසයි.