රියැදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
රියැදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු එකතු කිරීමේ නව ක්‍රමවේදය ඉදිරි මාස කිහිපය තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.
රථවාහන නීති උල්ලංඝනය කිරීම අවම කරමින් මාර්ග අනතුරු පාලනය කිරීම සහ රියැදුරන්ගේ වගකීම වැඩි කිරීම මෙම ක්‍රමවේදය හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ බවද පොලිසිය පැහැදිලි කරයි.
මෙම ක්‍රමය යටතේ රථවාහන නීති කඩ කිරීමේදී අදාළ රියැදුරු බලපත්‍රයට නියමිත අකුසලතා ලකුණු එකතු වන අතර, එම ලකුණු සීමාවක් ඉක්මවීමේදී රියැදුරු බලපත්‍රය තාවකාලිකව හෝ ස්ථිරව අත්හිටුවීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද හැකි වනු ඇත.
එසේම, අනතුරුදායක ලෙස නවීකරණය කර ඇති උපාංග සහ කොටස් ඉවත් කර නොගන්නා බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එවැනි වාහන හඳුනාගත් අවස්ථාවලදී මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් තහනම් නියෝග ලබාගෙන, අදාළ වාහන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද පොලිසිය අවධාරණය කරයි.
මෙම නව පියවරයන් මඟින් මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම, අනතුරුදායක රිය පැදවීම පාලනය කිරීම සහ ජනතා ජීවිත ආරක්ෂා කිරීම අපේක්ෂා කරන බවද පොලිසිය සඳහන් කරයි.