LPL වලට කුමක් වෙයි ද?.තීරණය මෙන්න. (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මින් ඉදිරියට සභාපති ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව ශම්මි සිල්වා මහතා සඳහන් කළේ ය.
ඒ අනුව ඉදිරියේදී මෙම ධුරය භාරගන්නා කණ්ඩායම තීරණය කරන්නේ සාමාජිකයින් විසින් බව ඔහු පැවසීය.

ඊයේ ICC යට ගිහින් ආපු ශම්මි අද මාධ්‍ය ඉදිරියේ කට අරියි. - ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ අහිමි වූ ඩොලර් මිලියන 100 ගැනත් හෙළි කරයි. - (VIDEO)
අද (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව ඒ මහතා සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු,
"මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා තමයි ICCය ඒ රැස්වීමේදී කිව්වේ. විනාඩි 45ක් විතර මේ ප්‍රශ්නය ගැන කතා කළා.
ICC ය තද තීරණයක් ගත්තේ. ක්‍රිකට් අපිට ගහන්න දෙන්න. නැත්තම් අපි සම්පූර්ණයෙන් වැටෙනවා කියලා මම කිව්වා.
අපි අවුරුද්දක් තිස්සේ ලියුම් යැව්වා. අපි බැඳිලා ඉන්නේ ICC එකට.මෙහේ ආපු ඉම්රාන් කවාජාත් කතා කළා. මේ තීන්දුව දුන්නේ මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා ඒ අයට තේරුණ නිසා කියලා කිව්වා.මම ඇරෙන්න මුළු ICC එකම තීරණය කළා අපිව තහනම් කරන්න.ICC පිළිගන්නේ මාව සහ අපේ බෝඩ් එක කියලත් ඒ අය තීරණය කළා.."
වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,
කෙසේ වෙතත්, LPL ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවශ්‍ය අවසර ලබාගෙන තිබෙනවා.
මෙම හමුවේ දී එයට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සඳහන් කළේ ය.
ඒ අනුව එම තරගාවලිය සඳහා වසරක් පාසා අවසර ගැනීමට අවශ්‍ය නොමැත.
