ඊයේ ICC යට ගිහින් ආපු ශම්මි අද මාධ්‍ය ඉදිරියේ කට අරියි. - ක්‍රීඩකයින් තෝරා ගැනීම සහ අහිමි වූ ඩොලර් මිලියන 100 ගැනත් හෙළි කරයි. - (VIDEO)
Cricket
Sri Lanka Cricket
International Cricket Council
Shammi Silva
Sports
By Wayomi
ICC යෙන් පැන වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම හේතුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අද (22) පැවැත්වුණු විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදු වන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සඳහා සහභාගීවිය හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි මෙරටදී පැවැත්වීමට නොහැකි බවත් ඔහු අවධාරණය කර සිටියා.