උඩදුම්බර සහ වලපනේ නායයෑමක්

Report

 මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට  නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ.  

ගතවූ පැය 48 තුළ මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක්  එම ප්‍රදේශයන්ට ලැබී තිබුණි.

 මෙම තත්ත්වය සමඟ දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවස‍යි.

තවද එතුමා සදහන් කළේ නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවත් එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බවයි.

තවද නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇත.

මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇති බව වසන්ත සේනාධීර මහතා  සදහන් කරයි.

තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නොමැති බවද පැවසු ඒ මහතා, අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

තව දුරටත් ප්‍රධාන වැව් 34 ක වාන් දොරටු විවෘතයි

තව දුරටත් ප්‍රධාන වැව් 34 ක වාන් දොරටු විවෘතයි

මේ දිනවල ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මධ්‍යම පළාතට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා ප්‍රකාශ කරයි.

එතුමා සදහන් කළේ නැවත වතාවක් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුදානමින් සිටින බවයි.

නායයෑම් ලක්ෂණ ඇති කඳුකරයේ ජීවත් වෙන ජනතාව අනතුරුදායක ස්ථානයන්ගෙන් වහාම ඉවත් වීමට සදහා කටයුතු කරන ලෙස කොටුවේගොඩ මහතා ඉල්ලා සිටියි.

පැවති අධික වර්ෂාව සමඟ මහවැලි ගංගා ද්‍රෝණියේ මනම්පිටිය ප්‍රදේශයේ මේ වන විට ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයකට වඩා වැඩි මට්ටමක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එම ගංවතුර තත්ත්වය මත ත්‍රිකුණාමලය දක්වා වූ පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවීමේ හැකියාව ඇති බවත් සෝමාවතිය ප්‍රවේශ මාර්ගය මේ වනවිටත් ජලයෙන් යට වී ඇති බවත් ඒ මහතා තව දුරටත් සදහන් කර තිබේ .

වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මල්වතු ඔය තන්තිරිමලේ ජලමට්ටම මේ වනවිට සුළු ගංවතුර මට්ටමකට පැමිණ තිබුණත් ජලය වැඩිවීමක් තවදුරටත් සිදුනොවන බවයි.

දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක් - එක අයෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරක් - එක අයෙක් ජීවිතක්ෂයට

මේ අතර ප්‍රධාන ජලාශ 73න් මේ වනවිට ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් ඇති බවද පැවසු ඒ මහතා, මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 48ක් මේ වනවිට වාන් දමන බවත් එම කිසිදු ජලාශයක අනතුරුදායක ජලය නිදහස් කිරීමක් සිදුනොවන බවද සදහන් කරන ලදි.

එමෙන්ම එල්.එස්. සූරියබණ්ඩාර කියා සිටියේ දැනට පවතින පවතින වැසි තත්ත්වය තුළ ක්ෂණි වතුර මතුවීම් හෝ ජලාශ අවට එවැනි වෙනස්කම් තිබේනම් ඒ සම්බන්ධව හැකි ඉක්මනින් අදාළ බලධාරීන් දැනුවත් කර සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙසයි.