හෙට හවස 4.00 වෙනකම්.. දිස්ත්‍රික්ක 05කට විශේෂ දැනුම්දීමක් මෙන්න..
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනූව ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 1 වන මට්ටමේ නායයෑම් අනතුරු නිවේදනයක් නිකුත් කර ඇති.
ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.
මෙම නිවේදනය එම නායයෑමේ අවධානම් සහිත ප්‍රදේශ වෙත හෙට (21) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වේ.
මේ අතර, ඉදිරි දින 02 තුළදී නිරිත දිග බෙංගාලබොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබදව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.