"අපි බත් කන ප්‍රමාණය වැඩියි තුනෙන් එකක් අඩු කරන්න ඕනේ" අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත

Report

වී වගාවේ අභිවෘද්ධිය සඳහා වන වැඩමුළුව ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැත්වුණේ වැඩමුළුවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

"අම්මා දරුවොන්ට වස දාලා දුන්නට එයාලා දරුවන්ට අසීමිතව ආදරය කරා" කිරිවලට වස දමා දුන් මව ගැන දැන් ඇහෙන කතාව

“2024 – 2025 මහ කන්නයේ අපිට හාල් ගෙන්වන්නත් වුණා. සැළකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරන්න වුණා. එහෙම ගෙන්වලා තමයි ආහාර සුරක්ෂිතාවය ඇති කළේ. මුලින්ම අපි සහල් පිටින් ගෙන්වන එක නතර කරගන්න උවමනයි. ඒක තමයි අපේ පළවෙනි ඉලක්කය. ඊළඟට අපට සහල් පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරන්න පුළුවන්.

නිශ්චිතව සහල්වලින් ස්වයංපෝෂිත වුණාට පස්සේ අත්හදා බැලීම් කරන්න පුළුවන්. ප්‍රධාන බෝගය විදිහට අපි ඉලක්ක හදා ගන්න ඕනේ සහල් අපනයනය කරන්න. පසුගියදා අපි කුකුළ් මස් අපනයනය සම්බන්ධ වැඩසටහනකට සහභාගී වුණා. අපි මේ වෙනකොට කුකුළ් මස්වලින් ස්වයංපෝෂිතයි. අපේ රට කුරුළු උණෙන් නිදහස් නිසා අපට විශේෂ අවස්ථාවක් තියෙනවා.

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

අපිට කුකුළ් මස්වලින් හොඳ විභවතාවයක් තියෙනවා. අපේ ආහාර සුරක්ෂිතතාවයත් රැක ගනිමින් සහල් ප්‍රධාන අපනයන බෝගයක් බවට පත් කරගත යුත්තේ කොහොමද කියලා අවධානය යොමු කළ යුතුයි. අපට වැඩි ශක්‍යතාවයක් තියෙන දේවල් තමයි අපි අපනයනය කළ යුත්තේ. තවත් දෙයක් තමයි, අපි කන බත් ප්‍රමාණය වැඩියි. සංඛ්‍යාලේඛනවලින් නෙවෙයි සමාජ අත්දැකීම්වලින් මට හිතෙනවා මේ බත් කන ප්‍රමාණය තුනෙන් එකක් විතර අඩු කරන්න පුළුවන් කියලා.

බත් කෑමේ සංස්කෘතියට ලොකු බලපෑමක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ ආහාර සංස්කෘතිය ගුණාත්මකව සකස් විය යුතුයි. ගහකට අවශ්‍ය වෙන්නේ ඊට උවමනා ප්‍රමාණය වගේ අපේ ශරීරයටත් අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලැබිය යුතුයි. අඩුත් නැතුව. වැඩිත් නැතුව. වාහනයකට වුණත් වැඩිපුර තෙල් ගැහුවොත් ඒක උතුරලා යනවා. අද ස්ථූලතාවය කියන්නේ බරපතල සමාජ ප්‍රශ්නයක්. ලෙඩරෝග හා බැදිච්ච ප්‍රශ්නයක්. කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වෙලා මේ පිළිබඳව සාකච්ඡාවක් ඇති කළ යුතුයි.

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

රන් මිලට හදිසි වෙනසක් - මිල ගණන් මෙන්න

කොච්චර වගා කළත් වැඩක් නැහැ කන්න දන්නේ නැත්නම්. අපේ අවශ්‍යතාවය සපුරගෙන සහල් අපනයනය කළ යුතුයි කියලා මම කියන්නේ නැහැ. මේ යන ගමන්ම ඒ සඳහා උත්සාහ කළ හැකියි. විදේශ වෙළඳපොළට ගැලපෙන සහල් වර්ග කිහිපයක් හරි අපි වැඩිදියුණු කළ යුතුයි. ඒ සඳහාත් අපි උනන්දු විය යුතුයි. අපි ගොයමට අවශ්‍ය පෝෂණය දිය යුතුමයි. දැන් තියෙන්නේ 2013 පොහොර නිර්දේශය. දැන් පොළවට ඒක හරියනවද කියලා අපි සොයා බැලිය යුතුයි. තමන්ගේ වෘත්තියෙන් එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකලා අපි හැමෝම එකට එකතු වෙලා වැඩ කරමු.” ලෙසයි