ලලිත් පතිනායකව පුටුවෙන් පැන්නුවේ මේ හින්දා ලැජ්ජයි හිරිකිතයි - පොලිස්පතිටත් කළු පැල්ලමක් [VIDEO]

Report

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදී පොලිස් කොමිසම මඟින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් ඉවත් කර ඇති බව ප්‍රකාශ කරයි.

ඒ පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේ දීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

"පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව තමයි පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවයින්ට ලබා දීමයි. ඇත්තෙන්ම මේක අතිශයින්ම භයානක පූර්වාදර්ශයක්. මේකට දැන්ම තිත තැබුවේ නැතිනම් අනාගතයේ දී අනිවාර්යේන්ම ලංකාවේ දූෂණයක් සොයන්න බැරි වෙනවා. පොලිසියට බැනියම් මිල දී ගැනීමේ දී පිරිවිතරයේ සඳහන් කොන්දේසි සම්පූර්ණ නොකළ ඉහළ මිලක් ඉදිරිපත් කර තිබුණු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය පිරිනැමූ බවට පොලිස්පතිට චෝදනාවක් එල්ල වුණා. මිල අඩු සමහර කොන්දේසි සම්පූර්ණ කරන්න අසමත් වුණු සැපයුම්කරුවන්ට අඩුපාඩු සකසා සැපයීමට අවස්ථාව නොදී මිල වැඩි අයෙකුට තමන්ගේ අඩුපාඩු සකසා බැනියම් සපයන්න කියලා දැනුම් දීලා. නමුත් මේ සැපයුම්කරු අඩුපාඩු සකසන්නේ නැතිවම තමයි බැනියම් 175,000 සපයන්නේ. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි ඒවා භාර ගැනීම ප්‍රතික්ෂේප කලාම පොලිස්පති ඔහුට බැනලා ඒවා භාර ගන්න කිව්වාලු. මෙන්න මේ කතාව තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා විසින් මාධ්‍යවේදි බිමල් රුහුණුගේට කියන්නේ. පතිනායක මහත්තයා මේක කියන්නේ සමාජ මාධ්‍යවල දාලා පොලිස්පතිට මඩ ගහන්න කියලා නොවේ. මාධ්‍යවල දාලා මේක ප්‍රසිද්ධ කරන්න කියලා නොවේ. මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න කියලා. ඉතින් ඒකේ දඬුවම් ලබන්න තිබෙන වරද්ද මොකක්ද? මුකුත්ම නෑ.

පොලිස් නිලධාරීන්ට සුභ ආරංචියක්.. දීමනා අතටම දෙයි

පොලිස් නිලධාරීන්ට සුභ ආරංචියක්.. දීමනා අතටම දෙයි

අල්ලස් කොමිසම රට පුරා පෝස්ටර් ගහලා සම්මන්ත්‍රණ තියලා ජනතාවට කියන දේ තමයි රාජ්‍ය ආයතනයක සිදුවන දූෂණයක් අල්ලස් කොමිසමට දැනුම් දීම පුරවැසියන්ගේ යුතුකම කියලා. පතිනායක මහත්තයා කරලා තිබෙන්නේ ඒ යුතුකම. ඒ යුතුකම ඉටු කරන්න ගිහින් දඬුවම් ලබනවා නම් කවුරුවත් රටේ සිදුවන දූෂණ හෙළි කරන්න කටයුතු කරන එකක් නෑ. පතිනායක මහතා ඉටු කරලා තිබෙන්නේ විස්ල් බ්ලෝවර් නැතිනම් නලා පිඹින්නාගේ රාජකාරිය. දූෂණයක් වන විට ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක. එවැනි අය රැක ගැනීමට දූෂණ විරෝධි පනතේ විධිවිධාන තිබෙනවා. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන තිබෙනවා. එහෙම නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි පතිනායක මහත්තායට විරුද්ධව නොවේ. මාධ්‍යවේදියා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර දුරකතන සාකච්ඡාවේ හඬ පට එළියට දාලා දූෂණයක තොරතුරු හෙළි කරපු පතිනායක මහත්තයාව හෙළිදරව් කරලා එයාව අවදානමක දැම්ම පුද්ගලයින්ට විරුද්ධව. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වගේම අල්ලස් කොමිසමත් පතිනායක මහත්තයා රැක ගන්න පෙරට ඒවි කියලා අපි ඉතාම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. පොලිසියේ ලිපි ගොනුවල තිබෙන තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ දඬුවම් කරනවා නම් මුලින්ම දඬුවම් කරන්න ඕනි පොලිසිය භාර ලේකම් රවි සෙනෙවිරත්නට. 2024 දී තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරද්දී තමන්ට එරෙහිව තිබෙන විමර්ශන ගොනුවේ තිබෙන සියලුම ලේඛන රහස් පොලිසිය ඇතුලේ ඉන්න ගෝලයෝ හරහා අරගෙන නඩුවට ගොනු කලා. එදා පොලිසියේ නිලධාරින් සැකකරුවෙක් අත්අඩංගුවට පත්වන එක වළක්වන්නයි පොලිස් ලිපිගොනුවක තොරතුරු එළියට දුන්නේ. එදා රවි සෙනෙවිරත්න පොලිසියේ ලිපි ගොනු හෙළිදරව් කළේ තමන්ගෙ ගැලවිජ්ජාවට. ලලිත් පතිනායක පොලිසියේ ලිපි ගොනු හෙළිදරව් කරන්නේ දූෂණයක් හෙළිදරව් කරන්න. එහෙව් රවි සෙනෙවිරත්නට පොලිසිය භාර ලේකම් ධූරය දීලා පතිනායකට දඬුවම් කරන එකේ තිබෙන පදනම මොකක්ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. පොලිස්පතිතුමා ඇත්තටම අවංක නම් කළ යුතුව තිබුණේ පතිනායක මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන එක නොවේ. පොලිස් කොමිසමට රහස් පොලිසියට පැමිණිලි කරන එක නොවේ. තමන්ට එරෙහිව තිබෙන දූෂණ චෝදනාව පිළිබඳ සියලුම තොරතුරු අල්ලස් කොමිසමට දීලා සාධාරණ විමර්ශනයක් කරවලා තමන්ගේ නම පිරිසිදු කර ගන්න එක. චෝදනාවෙන් නිදහස් වෙනවා වෙනුවට චෝදනා කරන කෙනාට දඬුවම් කිරීමෙන් පේන්නේ පොලිස්පතිතුමාගේ කිල්ලෝටයෙත් හුණු තිබෙන බවයි. ඒ වගේම පොලිස්පතිතුමාට විශේෂ පණිවිඩයක් තිබෙනවා. ජ්‍යේෂ්ඨයෙකු නොසලකා කණිෂ්ඨයෙකු පොලිස්පති කලාම ඒ දෙන්නා අතර සීතල යුද්ධයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. එච් එම් ජී බී කොටකදෙනිය මහතා නොසලකා මුලින්ම ආනන්දරාජා මහතා පොලිස්පති කළා. ඊට පස්සේ ලකී කොඩිතුවක්කු මහතා පොලිස්පති කළා. එතැන සීතල යුද්ධයක් තිබුණා. ඒ වගේම මෑතක දී පූජිත ජයසුන්දර මහතා පොලිස්පති කළේ ජ්‍යෙෂ්ඨයා වුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා නොසලකා හරිමින්. මේ කිසි අවස්ථාවක නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට එරෙහිව පොලිස්පති රහස් පොලිසියට දිව්වේ නෑ. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළෙත් නෑ. ඒක කැතයි. හිරිකිතයි. ලැජ්ජයි. පොලිස්පති ධූරයට ගැළපෙන්නේ නෑ. ඒ නිසා විශාඛාවියට ධනංජය සිටු පියාණන් දුන් අවවාදයමයි මම පොලිස්පතිතුමාටත් දෙන්නේ. ඇතුළු ගිනි පිටතට නොදෙව."

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව

රතු වරෙන්තු තිබූ සාලිය රණවක අත්අඩංගුවට - මාංචු දාගෙනම ලයිව්ත් ඇවිත් කියන කතාව