පොලිස් නිලධාරීන්ට සුභ ආරංචියක්.. දීමනා අතටම දෙයි

Report

පොලිසියට නිල ඇඳුම් සැපයීමේ ටෙන්ඩර්වල අක්‍රමිකතා සහ පරිපාලන ගැටලු නිසා ඒවා අවලංගු කර පොලිස් නිලධාරීන්ටම තමන්ගේ නිල ඇඳුම් හා සපත්තු මිලදී ගැනීමට මුදල් දීමනා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (02) ප්‍රකාශ කළේය.

“පොලිස් නිලධාරීන්ට සපත්තු ලැබිලා නැහැ. ටෙන්ඩර් ගැටලු නිසා ඒවා නිකුත් කිරීම වසර තුනක් තිස්සේ අත්හිටුවා තිබෙනවා. මෙවරත් නිල ඇඳුම් හා සපත්තු ටෙන්ඩර්වල ගැටලු ඇති වුණා. ඒ නිසා සියලුම ටෙන්ඩර් අවලංගු කර පොලිස් නිලධාරීන්ට මුදල් දීමනාවක් ලබාදීමට කැබිනට් තීරණය කළා”

යැයි අමාත්‍යවරයා පැවසීය.

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

සපත්තු සඳහා: සෑම පොලිස් නිලධාරියෙකුටම රුපියල් 7,000 බැගින් දැනටමත් අනුමතය.

නිල ඇඳුම් සඳහා: කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ලබන සතියේ මුදල් ප්‍රමාණය තීරණය වේ.

ටෙන්ඩර් ගැටලු: අභියාචන ගොනුවීම් අභියාචනා මණ්ඩලය හා ප්‍රසම්පාදන කමිටුව අතර වෙනස්කම්, ක්‍රියාවලියේ අක්‍රමිකතා මෙමගින් ප්‍රමාදයකින් තොරව නිලධාරීන්ට ඇඳුම් ලැබෙන බව සහතික වේ.

මරණ බයෙන් මන්ත්‍රීලා විලාප වේ - විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න..

මරණ බයෙන් මන්ත්‍රීලා විලාප වේ - විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න..

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්