ලාල් කාන්තගේ බලු බද්ද රට ගිනි අහුලයි...

Google Dog Training Latest Headlines K.D. Lalkantha Sinhala news
By Akash Apr 26, 2025 10:21 AM GMT
Akash

Akash

Report

“බල්ලෝ හදන සෑම ගෙදරකටම බලු බද්දක් ගහන්න” යනුවෙන් ඇමති ලාල් කාන්ත මහතා කර තිබෙන ප්‍රකාශයට අනුව පළාත් පාලන මැතිවරණයෙන් පසු එවැනි බද්දක් පනවනු ඇද්ද යන්න පිළිබඳව ජනතාව තුළ පුළුල් කථිකාවක් මේ වන විට ඇතිවී තිබේ.

කුමන අරමුණකින් ලාල් කාන්ත ඇමතිවරයා එම ප්‍රකාශය කලද සුනඛයන් ඇති කරන නිවැසියන් තුළ එවැනි බද්දක් පිළිබඳ කුතුහලයක් මෙන්ම බියක් හට ගෙන ඇත. සුනඛයින් ඇති කරන බොහෝ නිවෙස් හිමියන් පවසන්නේ අතීතයේ මේ රටේ බොහෝ දේශපාලනඥයින් විහිළුවට කළ ප්‍රකාශ සැබෑවට ක්‍රියාවට නංවා ජනතාව මත බර පටවා ඇති බවයි. ඒ අනුව ඡන්දයෙන් පසු එවැනි බද්දක් පනවනු ලබයිද .. ?

මහ පාරේ රේස් ගියාට වැඩ වරදියි

මහ පාරේ රේස් ගියාට වැඩ වරදියි

එක් සුනඛයෙක් ඉන්න නිවසකට බද්ද කීයද…? එක් සුනඛයෙකුට වැඩියෙන් ඉන්න නිවසක බද්ද කීයද…? සුනඛ වර්ගය අනුව බඳු වෙනස් වෙනවාද….? වැනි කරුණු පිළිබඳව මේ වන විට සුනඛයෙන් ඇති කරන නිවෙස් තුළ කථිකාවක් ඇති වී තිබේ. ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙනුවත් කිරීම සඳහා පස් බාගය ප්‍රදේශයේදී පසුගියදා පැවති හමුවකට එක්වෙමින් අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙම බදු ක්‍රමය ගැන ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන විසින් තම බල ප්‍රදේශයේ කළ යුතු වැඩ කටයුතු සම්බන්ධයෙන් මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව එහිදී අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා තවදුරටත් මෙසේද පැවසීය. ප්‍රාදේශීය සභාවකට නගර සභාවකට ආදායම් සොයාගන්න බලයක් තිබෙනවා.

ප්‍රාදේශීය සභාවකට කරන්න වැඩ බොහෝ තිබෙනවා. ඒවා කරන්න නම් සල්ලි ඕන. ඒ අනුව ඒ සල්ලි හොයන්න ඒ අයට අයට බලය තියෙනවා සල්ලි ඉතින් ඒ සඳහා ඔවුන් එක එක වැඩ කළ යුතුයි.

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

කඩවලින් බදු අය කරාවි, බදු වැඩි කරාවි, එක්කෝ අඩු කරාවි. ඒ දෙකම කරන්න ඒ අයට බලය තිබෙනවා. විවිධ වැඩ කළ හැකියි. යම් සභාවකට වැඩ කරන්න සල්ලි මදි කියලා හිතනවා නම් ඒ අය තීරණයක් ගන්නවා අදාල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ බල්ලෝ හදන හැම ගෙදරකටම බලු බද්දක් ගහන්න.

එහෙම කළොත් ආයෙ ගමට එන්න හම්බවෙන්නේ නැහැ. හැබැයි ඕන නම් ඒක කරන්න පුළුවන් මම මේ කතා කරන්නේ පළාත් පාලන ආයතනයකට තිබෙන බලය ගැනයි. මේ ආකාරයට විවිධ ක්‍රමයට බදු එකතු එකතු කර ආදායම් ලබන්න පුළුවන් මේ ප්‍රදේශයේ විවාහ වන අය වෙනුවෙන් හොඳ වෙඩින් හෝල් එකක් හැදිය හැකියි.

ප්‍රාදේශීය සභාව වෙඩින් හෝල් එකක් හදලා සාධාරණ මිලකට තම බලප්‍රදේශයේ ජනතාවට සේවයක් හැටියට යම් මුදලක් අය කරගෙන එය දිය හැකියි. එමඟින් ජනතාවටත් ආයතනයටත් ආදායමක් ලැබෙනවා.

මේ අනුව ආදායම් සොයාගෙන කරන්න තියෙන වැඩ වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. මේ ප්‍රාදේශීය සභාව කළ යුත්තේ වෙනත් සභාවක් කරන වැඩම නොවෙයි.ඒවාට ස්වාධීන අලුත් තීරණ ගත හැකියි.එහෙම බලයක් තිබෙනවා. මේක වෙනමආණ්ඩුවක්. යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ReeCha