මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ - කබීර් කියයි!

SJB Kabir Hashim Sajith Premadasa Current Political Scenario Sinhala news
By Shehan Apr 26, 2025 03:23 AM GMT
Shehan

Shehan

Report

එළඹෙන දෙසැම්බර් මාසය වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් කරනු ඇති බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, මෙම දේශපාලනික මාරුම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සදහා විශේෂ සැලැස්මක් පවතින බවත්, එය මේ අවස්ථාවේ හෙළිදරව් නොකරන බවත්ය.

එසේම ඔහු පැවසුවේ, වත්මන් රජය දෙසැම්බර් වන විට ඉවත්වන බවට තමන් විශ්වාස කරන බවත්, එම අවස්ථාවේදී පුරප්පාඩු වන ජනාධිපති ධූරය සඳහා වහාම රනිල් වික්‍රමසිංහ මහතා වාඩි වීම වළක්වා සජිත් ප්‍රේමදාස මහතා එම අසුනට පත් කිරීමට තමන් වගකීම් භාරගන්නා බවත්ය.

පසුගිය අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස මහතා මේ වරදීම එසේ නොකරනු ඇති බවද, තමන් එයට වගකීමෙන් කටයුතු කරන බවද කබීර් හෂීම් මහතා පවසා සිටියේය. 

ReeCha