මහ පාරේ රේස් ගියාට වැඩ වරදියි

By Mithu Apr 26, 2025 10:09 AM GMT
Report

හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කරන ලද කාර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබේ. පසුගිය 13 වනදා හෝමාගම පොලිස් වසමේ ගලවිලවත්ත දෙස සිට මාකුඹුර දෙසට මෙම කාර් රථ 2ක අධික වේගයෙන් ධාවනය කර තිබූ අතර ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය විය.

ලේසියෙන් දළදා වදින්න සිවුරක් පොරවන් ආ සිසුවා

ලේසියෙන් දළදා වදින්න සිවුරක් පොරවන් ආ සිසුවා

පොලීසිය පැවසුවේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කළ බවය. ඒ අනුව එලෙස සිද්ධියට සම්බන්ධ කාර් රථ දෙක ඊයේ (25) පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධියට අදාළව කාර් රථ පදවන ලද රියදුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමේ අඩුවක්