ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සමකට දින දෙයි
අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුවක් ඉවත දමන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියම කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී.
තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට මතු කළ මූලික විරෝධතා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ නඩුව ඉවත දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.