බෙලරුස් ගිය විජිත ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පාර කපයි
ලංකාව සහ බෙලරුස් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව බෙලරුස් සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජායෙව් (Aliaksandr Khajayeu) මහතා සමඟ ඉතා ඵලදායී සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවත්වා ඇත.
එහිදී දෙරට අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව සඳහන්. මෙය වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ යන අංශවලින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස හඳුන්වයි.
ඊට අමතරව මින්ස්ක් හි පිහිටි බෙලරුස් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විජිත හේරත් මහතා එහිදී එම විශ්වවිද්‍යාලයේ මෙන්ම විටෙබ්ස්ක් (Vitebsk), ග්‍රොඩ්නෝ (Grodno) සහ ගොමෙල් (Gomel) යන වෛද්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රධානීන් හමුව ඇත.
මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් 3,000කට අධික පිරිසක් එහි වෛද්‍ය අධ්‍යාපනය ලබන අතර, එය දෙරට අතර පවතින ශක්තිමත් අධ්‍යාපනික හවුල්කාරිත්වය මනාව පිළිබිඹු කරන්නක් ද වේ.
බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව්ගේ ආරාධනයකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉකුත් 12 වන දින සිට අද(15) දක්වා බෙලරුස්හි නිල සංචාරයක නිරත වෙයි.
Had a productive meeting with Belarus Minister of Health, Aliaksandr Khajayeu, to discuss expanding cooperation in the health sector between Sri Lanka and Belarus 🇱🇰🇧🇾.
— Vijitha Herath (@HMVijithaHerath) May 15, 2026
Pleased to sign the MoU on Health Care, marking an important step in strengthening bilateral collaboration in… pic.twitter.com/owuR6feOCs